
අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවනවගාඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න වල පහත් ප්‍රදේෂවලට විශාල මට්ටවේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. මෙම තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රඩෙශ වල පදිංචි මහජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියැදුරන් ගෙන් ඉල්ලා සිටිමු.