ජා-ඇල නගර සභාව,
Urban Council Ja Ela.
+94112236822
+94112236822
ucjaela@gmail.com
ආයූබෝවන් 🙏
අන්තර්ජාලීය ජා-ඇල නගර සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. මේ තුළින් ඔබට ලබා දෙන සේවාවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් ඉටුකර ගත හැක. වරිපනම්
ගෙවීම, නගර සභාවේ තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමටද ඔබට මේ මඟින් පහසුකම් සලසා ඇත. එමෙන්ම ප්‍රාදේශීය සභාවේ ඇති ඔබට අවශ්‍ය බොහෝ ඉල්ලුම් පත්‍රද මේ තුළින් බාගත කර ගත හැකිය.
තවද නගර සභාවෙන් සිදුකරන සේවාවන් පිළිබඳ ඔබට යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ පැමිණීලි කිරීමටද සභාවේ කටයුතු වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට ඔබට යම් යෝජනාවක් ඇත්නම් එය ඉදිරිපත් කිරීමටද ඔබට
මේ තුළින් පහසුකම් සලසා ඇත.
ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමටත් ඔබ භාවිතා කරන ඕනෑම බැංකු කාඩ්පතකින් ගෙවීම් සිදු කිරීමටත් මේ මගින් පහසුකම් සලසා ඇත. ගෙවීම් කටයුතු වලදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ
ශ්‍රි ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහා බැවින් ඔබගේ ගෙවීම් වඩා සුරක්ෂිත වේ. නගර සභාවෙන් ඔබට ලබා දෙන බොහෝ සේවාවන් ප්‍රමාණයක් ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව ලබා දීමට මේ තුළින් පහසුකම් සලසා ඇති බැවින් අප හා එක් වී ඔබගේ වටිනා
කාලය හා ශ්‍රමය ඉතිරි කර ගනිමින් ඔබට අවශ්‍ය සේවාව ඉටු කර ගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරමු.
ස්තුතියි!
ජා-ඇල නගර සභාව.